Friday, February 6, 2015

මවුස් නැතිව ඇස් දෙකෙන් කොම්පියුටර් එක යූස් කරමුද?

වෙබ් කැම් එකෙන් කොම්පියුටර් එක යූස් කරන්න කැමතිද?එහෙනම් download කර ගන්න Camera Mouse 2015.
 මේක ඉතාම වැදගත් ඒ වගේම කුඩා software එකක්.ඕනෙම කෙනෙක්ට මේක පහසුවෙන් භාවිතා කල හැකි.ආබාදිත අයට නම් මේක බොහොම පහසුවක්.මේකෙදි කරන්න තියෙන්නෙ තමන්ට අවශ්ය ශරීර කොටසෙ(උදා:-ඇස,කන,නාසය ) චලනය හැදෑරීමට කොම්පියුටරේට ඉඩ දීල (ඒක නිකන් ම වෙනව ) පස්සෙ ඒ කොටස චලනයෙන් mouse pointer එක control කරන එක විතරයි.වැඩිය අටුවා ටීකා ඕනෙ නෑ.download කරගෙනම බලන්නකෝ....

Sunday, February 1, 2015

මොකක්ද මෙ android?

අද වෙනකොට android  ජ0ගම දුරකතන වෑහි වෑහෑලා  හෑම තෑනම smart phone.එත් ගොඩක් අය android දන්නෙ නෑ........ඉතින් අපි හිතුවා  දන්න නොදන්න හෑමොටම android ගෑන කියලා දෙන්න........

android කියන්නෙ මොකක්ද??????
android යනු  google සමගම විසින් හදුන්වා දෙන ලද ජ0ගම දුරකතනවල හා පරිඝනක උපා0ග වල භාවිතා වන මෙහෙයුම් පද්දතියක්...2008දි හදුන්ව දුන් මෙය මෙ වන විට ඉතමත් ජනප්‍රිය වි තිබෙනවා....android වෑනි ඉතා අගනා මෘදුකන්ග සමග ජ0ගම දුරකතවල ඈති touch screen,cellular,bluetooth,wi-fi,Gprs moblie navigation,camera,video camera, වෑනි බොහො පහසුකම් ඉතා පහසුවෙන් භවිතා කිරිමට පරිශිලකයින්ට හෑකි වි තිබෙනවා.....

android versions


  • Alpha (1.0)
  • Beta (1.1)
  • Cupcake (1.5)
  • Donut (1.6)
  • Eclair (2.0-2.1)
  • Froyo (2.2-2.2.3)
  • Gingerbread (2.3-2.3.7)
  • Honeycomb (3.0-3.2.6)
  • Ice Cream Sandwich (4.0-4.0.4)
  • Jelly Bean (4.1-4.3.1)
  • KitKat (4.4-4.4.4)
  • Lolipop (5.0)

android ගෑන තවත් ලිපියකින් හමු වෙමු........................

Saturday, January 31, 2015

ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්පීඩ් කරන විදිය මෙන්න



                ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙනව වගේම වෙලවකට ස්ලෝව් වෙනව නේද??
                ඔයාල ඩවුන්ලෝඩ් කරන්නෙ utorrent  එකෙන්නම් පහල තියෙන පියවර අනුගමනය කරල ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.

1.settings වලට ගිහින් bittorent වල තියෙන protocol encryption කියන එක enable කරල ඉස්සරහින් තියෙන
checkbox එකට tick එකක් දාන්න.
                   

2.Bandwith වල තියෙන Number of Connections කියන එක යටතේ  තියෙන Global Max number of connections කියන එක 2500 කරල Max number of connected peers per torrent කියන එක 500 කරන්න.

                       
ඊට පස්සෙ apply කරල ok කරන්න
දැන් ස්පීඩ් එක ටිකක් වඩි වෙයි.ගැටලු තියෙනවනම් කොමන්‍ටුවක් දාන්න....:D

Monday, January 26, 2015

පෘථිවි භ්‍රමණය නැවතුනොත් ?

හලෝ යාලුවනේ ! මේ මගේ පලවෙනි පෝස්ට් එක.....ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ අපේ ලොකේ එයාගේ අක්ෂය වටේ කැරකෙනව කියල....කොච්චර හයියෙන් කැරකෙනවද කිව්වොත් තත්පරයට  මීටර් 465 ක වේගයෙන් ! ලේසි නෑනේ ? පොඩ්ඩකට හිතන්න මේ කැරකෙන එක නැවතුනොත් ? මොනා වෙයිද කියල හිතාගන්නවත් බැ නේ ? ඉතින් මන් අද ඔයලට කියන්න යන්නෙ මේ ගැන කියල දෙන  YouTube වීඩියෝ එකක් ගැන....මේකේ ඔයලාට විස්තරාත්මකව කියල දෙනව අපේ ලෝකෙ භ්‍රමණය වෙන එක නැවතුනොත් අපේ ජිවිත වලට සිද්ද වෙන්නෙ මොනාද කියල...අන්තිමට කියන්න තියෙන්නේ නන් ඔයාල ටිකක් කලබලයට පත් වෙන කරුණක්...ඒ තමා සෑම අවුරුද්දකට වරක්ම පෘථිවි භ්‍රමණය මන්දගාමි වෙනව කියල දැන් හොයගෙන තියෙනවා....ඒත් ඒකෙ පැහැදිලි වෙනසක් දැකගන්න ලැබෙන්නේ නන් අවුරුදු මිලියන ගණනකට පස්සෙලු....එහෙනන් අපිට මොකෝ නේද ? හී හී....එහෙනන් වීඩියෝ එක බලල කොමෙන්‍ටුවක් එහෙම දාගෙන යන්න හොදේ අපි ගියා
https://www.youtube.com/watch?v=K0-GxoJ_Pcg
I`m Pramod Dilshan

Monday, January 19, 2015

Smart Helmet

යතුරුපැදි තාක්ශනයේ පෙරලියක්!



හැමදේම ස්මාර්ට් වෙන මේ කාලෙ හෙල්මටුත් ස්මාර්ට් වෙලා ඕං.මේ වැඩේ කරල තියෙන්නෙ Skully කියල සමාගමක්.මේකෙ නම AR-1 Skully .GPS,Bluetooth,music වෙබ් අඩවි වලට සම්බන්ධ වීම වැනි පහසුකම් රාශියක් මේ හරහා යතුරුපැදිකරුට සැපයෙනවා.යතුරු පැදිකරුට තමා ඉදිරියේ  අඩි 10ක දුරක් පැහදිලිව පෙනෙන පරිදිත් 180ක කෝනයකින් පසුපස සම්පූර්නයෙන් පෙනෙන පරිදිත් සවිකල Blind Spot වර්ගයේ Camera මේකෙ හයිකරල තියෙනව.මෙම හෙල්මටය වයිසරය මත ජල වාශ්ප බැදීමක් හෝ දූවිලි බැදීමක් සිදුවෙන්නෙ නම් නෑ.ඒ යොදාගෙන ඇති නැනෝ තාක්ශනය නිසා.ඒ වගේම රෑට පාරේ යතුරුපැදිය පදවන විට ඉදිරියෙන් එන වාහන Dim නොකලහම යතුරුපැදි කරුට ඉදිරිය නොපෙනී යාමත් ඒ නිසා ඔහු අපහසුතාවයට පත්වීමත් සාමන්ය හෙල්මට් භාවිතා කරන ඔබ අපි සැමට අත්විදීමට වෙන ඉරනමක්.මේ හෙල්මට් එක භාවිතා කරනකොට නම් එහෙම වෙන්නෑ.මොකද මෙහි තිබෙන Light Reducer තාක්ශනය නිසා.පොඩිම අවුලකට තියෙන්නෙ මේකෙ ගාන.මිල ඇමරිකන් ඩොලර් 1,399ක්.සෙල්ලම් නෑ නේ?  

Sunday, January 18, 2015

A.B. de Villiers ගේ සුරුකම් බලා වදාරනු මැනවි....

ක්‍රිකට් ඔව් ක්‍රිකට් කියන්නෙ මේ දවස් වල ප්‍රධාන මාතෘකාවක්නෙ.ඔයාලත් මැච් බලන බවත් ඒ වගේම ක්‍රිකට් වලට උනන්දුවක් දක්වන බවත් අපි දන්නව.ටෙක්නොලොජිකල් සයිට් එකක් උනාට අපි ක්‍රිකට් ගැනත් ඔයාලට දැනුම් දීම් කරනව.

AB de Villiers කියන්නෙ අපි කවුරුත් දන්න සුපිරි පොරක්.ඈත එපිට රටක හිටියට පොර ගැන නොදන්න කෙනෙක් මේ ලෝකෙවත් නැති තරම්.මෑන්ස් කොච්චර අපිට සමීපද කියන්නෙ සමහරුන්ට A,B කියද්දි ඊලගට කටට එන්නෙ C කියල නෙමෙයි de villiers කියල.කොටින්ම කිව්වොත් de Villiers  ක්‍රිකට් ලෝකෙ වීරයෙක්.



මෙයා අද ඓතිහාසික වාර්තා තිබ්බා.ඒ විදිහට වැඩ දාපු මැච් එකත් ඉතිහාස ගතවුනා.
De Villiers අද  ලොව වේගවත්ම ODI ශතකයත් අර්ධ ශතකයත් වාර්තා කලා.ඒ West Indies වලට එරෙහිව.
මෙයා ශතකය වාර්තා කරන්න ගත්තෙ පන්දු  31යි.මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වෙCorey Anderson.De Villiers ගේ ශතකයට 6 පහරවල්10 සහ හතරේ පහරවල් 8 ඇතුලත් උනා.
මෙන්න Century එකේ Video එක


ඒ වගේම De Villiersn අද ලොව වේගවත්ම ODI අර්ධ ශතකයත් වාර්තා කලා.ඒ සදහා ඔහු යොදාගත්තෙ පන්දු 16 යි.ඒ එතෙක් කල් එම වාර්තාවට හිමිකම් කියූ අපේ සනත් ජයසූරියගේ වාර්තාව බිද හෙලමින්.De Villiers ගේ අර්ධ ශතකය සදහා 6 පහරවල් 6 සහ 4 පහරවල් 4 ක් ඇතුලත් උනා.



ඒ වගේම මේ තරගයේ විශේශත්වය ගැන කිව්වොත් මේක තමයි මෙතෙක් කල් වාර්තා වුනු දෙවෙනියට වැඩිම ලකුනු වාර්තා වුනු ODI Match එක(439/2).අංක 1 ඉතින් වෙන කවුද අපි තමයි.ආඩම්බරයි පුතේ.
ඉතින් මං හිතනව මේ තොරතුරු ටිකට ඔයගොල්ලො කැමති වෙන්න ඇති කියල.

එහෙනම් මම යනව.තවත් සුපිරි පෝස්ට් එකක් අරන් එනවන.මම නිපුන් සමීර.